

දශක දෙකකට අධික කාලයක් නොගෙවා තිබු රාජ්‍ය වැවිලි ආයතනවල වතු කම්කරුවන්ගේ හිඟ ව්‍යවස්ථාපිත දීමනා ගෙවීම ඇරඹේ
• රුපියල් බිලියන 4.506ක් වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෙන් කෙරේ
• ඊයේ (10) මහනුවරදී සංකේතාත්මකව සේවකයින් 303 දෙනෙකුට හිඟ පාරිතෝෂික චෙක්පත් ප්‍රදානය කෙරේ
වසර ගණනාවක් පුරා විසඳුමක් නොලැබී පැවති වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධ රාජ්‍ය වැවිලි ආයතනවල සේවකයින්ගේ හිඟ ව්‍යවස්ථාපිත දීමනා ගැටලුවට වත්මන් රජය විසින් ඓතිහාසික විසඳුමක් ලබාදෙමින්, රුපියල් මිලියන 4,506ක (රුපියල් බිලියන 4.5) මුදලක් ඒ සඳහා වෙන් කිරීමට කටයුතු කර තිබේ.
එහි සමාරම්භක පියවර ලෙස, හිඟ පාරිතෝෂික දීමනා ගෙවීමේ වැඩසටහන ඊයේ (10) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු අතර, සංකේතාත්මකව සේවකයින් 303 දෙනෙකු වෙත හිඟ පාරිතෝෂික මුදල් සඳහා අදාළ චෙක්පත් ප්‍රදානය කෙරිණි.
ඒ අනුව, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ(SLSPC) සේවකයින් 164 දෙනෙකුට, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ(JEDB) සේවකයින් 87 දෙනෙකුට සහ ඇල්කඩුව වැවිලි සමාගම (EPL)සේවකයින් 52 දෙනෙකුට වශයෙන් සමස්ත සේවකයින් 303 දෙනෙකු වෙත ඊයේ දින සංකේතාත්මකව චෙක්පත් ප්‍රදානය කරන ලදී.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව (SLSPC), ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB) සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම (EPL) යන රාජ්‍ය වැවිලි ආයතනවල පෙර පැවති මූල්‍ය දුෂ්කරතා හේතුවෙන්, සේවකයින්ට හිමි ව්‍යවස්ථාපිත දීමනා වසර ගණනාවක් පුරා නොගෙවා ඇති අතර, මෙම ගැටලුවට විසඳුමක් ලබාදීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ මූලික මැදිහත්වීමෙන් 2025.03.05 දින අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරනු ලැබූ අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. ඉන් අනතුරුව අදාළ හිඟ ව්‍යවස්ථාපිත දීමනා පියවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට තීරණය කෙරිණි.
ඒ අනුව, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සඳහා රුපියල් මිලියන 1,961ක්, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සඳහා රුපියල් මිලියන 2,043ක් සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම සඳහා රුපියල් මිලියන 503ක් වශයෙන්, සමස්ත රුපියල් මිලියන 4,506ක මුදලක් හිඟ ව්‍යවස්ථාපිත දීමනා පියවීම සඳහා අනුමත කර ඇත.
මෙය මෙරට ආර්ථිකය ගොඩනැගීම සඳහා පරම්පරා ගණනාවක් පුරා සිය ශ්‍රමය සහ දහඩිය කැප කළ වතු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් රාජ්‍යයක් ලෙස ඉටු කරන වගකීමකි. මෙමගින් කම්කරුවාගේ ශ්‍රමයට වටිනාකමක් ලබාදීමත්, ඔහුගේ හෝ ඇයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත්, ගෞරවාන්විත ජීවිතයක් සඳහා අවශ්‍ය ආර්ථික සුරක්ෂිතභාවය ගොඩනැගීමත් අරමුණු කරගත් ප්‍රතිපත්තිමය තීරණයකි.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන වත්මන් රජයේ ප්‍රතිපත්තිය හුදෙක් සටන් පාඨයක් නොව, රට ගොඩනැගූ කම්කරු ජනතාවගේ ජීවිතවල සැබෑ වෙනසක් ඇති කිරීම සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙළකි.
එම අවස්ථාව සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා , නුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ඊ.එම්. බස්නායක මහතා, නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය, රියාස් ෆාරුක් මහතා ඇතුළු දේශපාලන අධිකාරිය, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම්, කම්කරු අමාත්‍යාංශ ලේකම්,මහනුවර දිස්ත්‍රික් ලේකම් ඇතුල රාජ්‍ය නිළධාරින්, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතිතුමා, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා, සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපතිතුමා ඇතුලු එම ආයතනයන් හි නිළධාරින් සහ ප්‍රතිලාභි ජනතාවද එක් විය.
English Translation –
Payment of Unpaid Statutory Allowances for State Plantation Workers, Pending for Over Two Decades, Commences
- Rs. 4.506 billion allocated for the rights of plantation workers.
- Arrears gratuity cheques symbolically awarded to 303 employees yesterday (10) in Kandy.
Providing a historic solution to the issue of unpaid statutory allowances for employees in state plantation institutions affiliated with the Ministry of Plantation and Community Infrastructure—a problem that remained unsolved for years—the current government has taken steps to allocate Rs. 4,506 million (Rs. 4.5 billion) for this purpose.
As the inaugural step, the arrears gratuity payment program was held yesterday (10) at the Kandy District Secretariat, where cheques for the outstanding gratuity funds were symbolically presented to 303 employees.
Accordingly, cheques were symbolically awarded yesterday to a total of 303 employees: 164 employees from the Sri Lanka State Plantations Corporation (SLSPC), 87 employees from the Janatha Estates Development Board (JEDB), and 52 employees from Elkaduwa Plantations Ltd (EPL).
Due to past financial difficulties in these state plantation institutions, workers had not been paid their statutory allowances for years. To resolve this, Minister of Plantation and Community Infrastructure, Mr. Samantha Vidyaratne, intervened and submitted a cabinet memorandum on March 5, 2025, which received Cabinet approval. Subsequently, it was decided that the General Treasury would provide the necessary financial provisions to settle these arrears.
The Rs. 4,506 million allocation is distributed as follows: Rs. 1,961 million for SLSPC, Rs. 2,043 million for JEDB, and Rs. 503 million for EPL.
This is a state responsibility fulfilled on behalf of the plantation community, who have sacrificed their labor and sweat for generations to build the country’s economy. It is a policy decision aimed at valuing the workers’ labor, protecting their rights, and building the economic security necessary for a dignified life. The current government’s policy of “A Rich Country – A Beautiful Life” is not merely a slogan, but a practical program designed to make a real difference in the lives of the working people who built the nation.
The event was attended by political authorities including Minister of Plantation and Community Infrastructure Samantha Vidyaratne, Minister of Labor Anil Jayantha Fernando, Deputy Minister of Plantation and Community Infrastructure Sundaralingam Pradeep, Kandy District MPs E.M. Basnayake, Attorney Thushari Jayasinghe, and Riyas Farook. State officials including the Secretaries of the relevant Ministries, the Kandy District Secretary, Chairmen and officials of the SLSPC, JEDB, and EPL, as well as the beneficiaries, were also present.
Concise Summary
The Sri Lankan government has allocated Rs. 4.5 billion to settle unpaid statutory allowances (such as gratuities) owed to state plantation workers for over two decades. Spearheaded by Minister Samantha Vidyaratne, the Treasury-funded initiative benefits employees of the SLSPC, JEDB, and EPL. The rollout began on March 10 in Kandy, with 303 workers symbolically receiving their overdue cheques. This move highlights the government’s commitment to worker rights, economic security, and fulfilling long-standing state responsibilities.
















